• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- දේශීය අත් යන්ත්‍ර හා බතික් රෙදිපිළි ආනයනය නියාමනය කිරීම, ධීවර බෝට්ටු, මගී යාත්‍රා සහ බෝට්ටු ආනයනය නියාමනය කිරීම සහ දේශීය කර්මාන්තවල අවශ්‍යතා සඳහා දේශීයව නිෂ්පාදනය නොකරන තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ සීමාවන් ලිහිල් කිරීම යන කාර්යයන් සඳහා 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි ඇතුළත් කරමින් 2020 දෙසැම්බර් මස 14 දිනැති අංක 2206/5 දරන සහ 2020 දෙසැම්බර් මස 24 දිනැති අංක 2207/15 දරන අති විශෙෂ ගැසට් නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව, එකී රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.