• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021 මුදල් වර්ෂය සඳහා වන ‍මුදල් කොමිෂන් සභාවේ නිර්දේශය
- ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 154ජ ව්‍යවස්ථාව ප්‍රකාරව ස්ථාපිත කර ඇති මුදල් කොමිෂන් සභාව විසින් පළාත් සභාවන් සඳහා වාර්ෂික අයවැය මඟින් ප්‍රදානය කරන ලද අරමුදල් බෙදා දීමේදී අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති පිළිබඳ අතිගරු ජනාධිපතිතුමා වෙත නිර්දේශ ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව, මුදල් කොමිෂන් සභාව විසින් 2021 මුදල් වර්ෂය සඳහා වන නිර්දේශ අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර ඇත. මුදල් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 154ජ (7) ව්‍යවස්ථාව ප්‍රකාරව එකී නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.