• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම - (පොලිස් ස්ථාන වෙත පැමිණීම සඳහා මහේස්ත්‍රාත්වරයාට බලය පැවරීම)
- යම් මහේස්ත්‍රාත්වරයෙකු පත් කර ඇති අධිකරණ කොට්ඨාසයේ පිහිටි පොලීසියේ පොලිස් අත්අඩංගුවේ රඳවා සිටින සැකකරුවෙකු අධීක්ෂණය කිරීම පිණිස එම පොලිස් ස්ථානයට අවම වශයෙන් මසකට එක් වරක්වත් පැමීණිමට අදාළ මහේස්ත්‍රාත්වරයාට බලය පැවරෙන පරිදි 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.