• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ කොළඹ, රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගුවන් සමාගම් ආකර්ෂණය කරගැනීම සඳහා විශේෂ සහන සැලසීම
- සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සකස් කරන ලද විශේෂිත කාල සටහන් අනුව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර කුලී ගුවන් ගමන් මෙහෙයුම් සඳහා දිරි ගැන්වීමක් වශයෙන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගොඩ බෑමේ සහ ගුවන් යානා නවතා තැබීමේ ගාස්තුවලින් නිදහස් කිරීම පිණිස 2020 දෙසැම්බර් මස 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. එම සහනය තවදුරටත් 2021 ජුලි මස 19 දින දක්වා දීර්ඝ කිරීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.