• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාම්ප්‍රදායික හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- සාම්ප්‍රදායික කර්මාන්තයන්හි නිරත කර්මාන්තකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම සඳහා සහාය වීමට සහ විශේෂිත භාණ්ඩ වෙළෙඳපොළවල් වෙත පිවිසීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා 2021 අයවැය මඟින් රුපියල් මිලියන 2,000ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇත. ඒ අනුව, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් 2021-2025 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස වැඩසටහනක් සැලසුම් කර ඇත. එකී වැඩසටහන යටතේ එම අමාත්‍යාංශය විසින් පහත සඳහන් ව්‍යාපෘති හඳුනාගෙන ඇති අතර, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ග්‍රාමීය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වගා කිරීමේ වැඩසටහන

* ජාතික අමුද්‍රව්‍ය බැංකුව ස්ථාපනය කිරීම‍

* එක් ගමකට එක් ව්‍යවසායකයෙක් බිහි කිරීමේ වැඩසහන‍

* දැව නිෂ්පාදන ආශ්‍රිත නිර්මාණ හා මෝස්තර මධ්‍යස්ථානය පිහිටුවීම්‍

* ග්‍රාමීය හා සාම්ප්‍රදායික කර්මාන්ත ගම්මාන ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන‍

* ග්‍රාමීය කර්මාන්ත සඳහා දේශීය හා විදේශීය වෙළඳපළ ප්‍රවර්ධන වැඩසටහන