• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකාවේ පොදු ප්‍රවාහන සේවය සඳහා මාර්ගස්ථ පෙර ගෙවුම් කාඩ්පතක් (Transit Card) හඳුන්වා දීම සහ ගාස්තු අය කිරීමේ විද්‍යුත් පද්ධතියක් ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය මුදලින් ගාස්තු අය කිරීම මත ක්‍රියාත්මක වන අතර, ඒ හේතුවෙන් පැන නැගෙන අපහසුතා වළක්වා ගැනීමේ අරමුණින් පොදු ප්‍රවාහන බස් රථවල සහ දුම්රියවල භාවිතය සඳහා මාර්ගස්ථ පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වා දීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ සියලුම ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කිරීම සඳහා 2018 ඔක්තෝබර් මස 02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය සහිතව ඊට අනුබද්ධිත 100%ක් දේශීය සමාගමක් වන ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම විසින් යෝජිත මාර්ගස්ථ පෙර ගෙවුම් කාඩ්පත් ව්‍යාපෘතිය සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, එකී ව්‍යාපෘති යෝජනාව මත පදනම්ව, ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා වන මාර්ගස්ථ පෙර ගෙවුම් කාඩ්පත දිවයින තුළ භාවිත කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.