• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ විශ්වවිද්‍යාලය සහ පකිස්ථානයේ ලාහෝර් ආර්ථික විද්‍යායතනය (Lahore School of Economics) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- දෙපාර්ශ්වයට අනොන්‍ය ප්‍රතිලාභ හිමි වන පර්යේෂණ ද්‍රව්‍ය, ප්‍රකාශන සහ තොරතුරු හුවමාරු කර ගැනීම, ආයතන දෙකෙහි ඒකාබද්ධ හා තනි පර්යේෂණ ව්‍යාපෘති සඳහා දිරිමත් කිරීම, කුසලතා හා හැකියාවන් සහිත සිසුන් හුවමාරු කිරීමේ වැඩසටහන් මඟින් අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම ආදී අරමුණු සහිතව කොළඹ විශ්වවිද්‍යාලය සහ පකිස්ථානයේ ලාහෝර් ආර්ථික විද්‍යායතනය (Lahore School of Economics) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස යෝජනා වී ඇත. යෝජිත අවබෝධතා ගිවිසුම පිළිබඳ විද්වත් කමිටුවක් විසින් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර විදේශ අමාත්‍යාංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ එකඟතාව ද ලැබී ඇත. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.