• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ "විශේෂ තැන්පතු ගිණුම්" පිළිබඳ ප්‍රකාශිත නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- විදේශීය මුදල් මෙරටට ප්‍රේෂණය කිරීම උනන්දු කරවීම සඳහා "විශේෂ තැන්පත් ගිණුම්" විවෘත කිරීමට අනුමැතිය ලබා දී ඇති අතර, එකී ගිණුම්වල පවතින තැන්පත් තවදුරටත් රඳවාගැනීම සඳහා අතිරේක පොළියක් ගෙවීම සඳහා ද මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, විශේෂ තැන්පත් ගිණුම් විවෘත කිරීමට ඉඩ දී ඇති කාල සීමාව 2020 ඔක්තෝබර් මස 08 දින සිට තවත් මාස 06ක කාලයක් සඳහා දීර්ඝ කිරීම පිණිස, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ 2020-11-17 දිනැති අංක 2202/07 දරන අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් නියෝග නිකුත් කර ඇත. එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.