• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2021 යල කන්නය (අප්‍රේල් මුල සැපයීම)
- 2021 යල කන්නයේ අප්‍රේල් මුල සැපයීම සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගම (ලක් පොහොර) සහ සීමාසහිත කොළඹ කොමෂර්ල් පොහොර සමාගම යන ආයතන වෙත රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම සඳහා අන්තර්ජාතික තරගකාරි ලංසු කැඳවා ඇත. එම මිල ගණන් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව පහත සඳහන් පරිදි පොහොර සැපයීමේ ප්‍රසම්පාදනයන් පිරිනැමීමට අදාළව කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* යූරියා (ග්‍රැනියුලර්) මෙට්‍රික් ටොන් 40,500±5%ක් දින 270ක ණය කාල සීමාවක් යටතේ මෙට්‍රික් ටොන් 1ක් ඇමෙරිකානු ඩොලර් 343.10කට ස්විස් සිංගප්පූර් ඕවර්සීස් එන්ටර්ප්‍රයිසස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.

* යූරියා (ප්‍රිල්ඩ්) මෙට්‍රික් ටොන් 8,500±5%ක් දින 180ක ණය කාල සීමාවක් යටතේ මෙට්‍රික් ටොන් 1 ක් ඇමෙරිකානු ඩොලර් 364.74කට වැලන්සි ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.

* මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 13,900±5%ක් දින 180ක ණය කාල සීමාවක් යටතේ මෙට්‍රික් ටොන් 1 ක් ඇමෙරිකානු ඩොලර් 258.74කට ඇග්‍රිකල්චරල් රිසෝසස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම.