• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021 වර්ෂයේ සිට ඉදිරි වර්ෂ 5 සඳහා පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති
- දේශීය කිරි නිෂ්පාදනය සහ පශු සම්පත් ක්ෂේත්‍රයට අදාළ අනෙකුත් කර්මාන්තවල නිෂ්පාදන හැකියාව ඉහළ නැංවීම සඳහා දැනට ක්‍රියාත්මක පහත සඳහන් ව්‍යාපෘතිවල ක්‍රියාකාරකම් වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් යාවත්කාලීන කර ඉදිරි වසර 05ක කාලය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය

* අභිජනන ගොවිපළ පිහිටුවීමේ ව්‍යාපෘතිය

* සූකර සංවර්ධන ව්‍යාපෘතිය

* සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපළ සංවර්ධන ව්‍යාපෘතිය

* කුඩා හා මධ්‍ය පරිමාණ කිරි ගව ගොවිපල ප්‍රවර්ධනය තුළින් ඵලදායිතාවය වර්ධනය කිරීම

* මධ්‍යකාලින පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය