• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය මාර්ග සහ පාලම් ඉදිකිරීම
- මහාමාර්ග අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතින ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය විසින් දිවයින පුරා පිහිටි පදික පාලම් සහ වාහන ගමන් කරන පාලම් වැනි ග්‍රාමීය පාලම් 5,000ක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. එකී ග්‍රාමීය පාලම් ඉදි කිරීම, රජයේ ග්‍රාමීය මාර්ග ජාලයේ කි.මී. 100,000ක් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.