• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
COVID - 19 වසංගතය මඟින් වැඩි වශයෙන් බලපෑමට ලක් වී ඇති ක්ෂේත්‍ර සඳහා මූල්‍ය පහසුකම් සලසා දීමේ ව්‍යාපෘතිය
- COVID - 19 වසංගතය මඟින් වැඩි වශයෙන් බලපෑමට ලක් වී ඇති සංචාරක, ඇඟළුම්, ඉදි කිරීම්, වෙළෙඳ, නිෂ්පාදන, කෘෂිකාර්මික අපනයන සහ සෞඛ්‍ය සේවා වැනි අංශ සඳහා අවශ්‍ය අරමුදල් සැපයීම පිණිස ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව විසින් ලබා දීමට එකඟ වී ඇති ශ්‍රී ලංකා COVID - 19 හදිසි හා අර්බුද ප්‍රතිචාර දැක්වීමේ පහසුකම යටතේ ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ සහභාගිත්වයෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. යෝජිත ව්‍යාපෘතිය මඟින් එකී අංශවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය ද්‍රවශීලතා පහසුකම් ඉහළ නැංවීම සඳහා සහාය වනු ඇත. එම ව්‍යාපෘතිය යටතේ ලංකා බැංකුව සහ මහජන බැංකුව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 90 බැගින් වූ ණය මුදල් දෙකක් ලබා දීමට නියමිත අතර, එම බැංකු දෙක විසින් සිය සේවාදායකයින්ට උප ණය පහසුකම් ලබා දෙනු ඇත. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ගිවිසුම්වලට එළඹීම ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.