• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලා පරිශ්‍රයෙහි ඇති ප්‍රයෝජනයට ගත නොහැකි ද්‍රව්‍ය ඉවත් කිරීම
- කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලා පරිශ්‍රයෙහි සිමෙන්ති නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් මූලික සැලසුම් සකස් කර ඇත. ඒ සඳහා එම පරිශ්‍රයේ ඇති ප්‍රයෝජනයට ගත නොහැකි ද්‍රව්‍ය ඉවත් කර කර්මාන්ත ශාලා පරිශ්‍රය පිරිසිදු කිරීමට අදාළව ස්ථානීය පරීක්ෂණයක් සිදු කර නිර්දේශ ඇතුළත් තත්ත්ව වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ. එකී කමිටුවේ නිර්දේශ පරිදි, කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලා පරිශ්‍රය තුළ තිබෙන ප්‍රයෝජනයට ගත නොහැකි ගොඩනැගිලි, ව්‍යූහයන්, යන්ත්‍රෝපකරණ සහ අබලි යකඩ හා වානේ යන දෑ පිළිබඳව රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මත පදනම්ව, රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් එකී අබලි ද්‍රව්‍ය ඉවත් කිරීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.