• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෙගාවොට් 150 සූර්ය බල ධාරිතාවයන් ප්‍රසම්පාදනය කිරීම
- දිවයිනේ විවිධ ස්ථානයන්හි මෙගාවොට් 150ක ධාරිතාවයෙන් යුත් සූර්ය විදුලිබලාගාර ස්ථාපනය කිරීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, පැකේජ 05ක් යටතේ ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශයන්ට එරෙහිව අභියාචන ඉදිරිපත්ව නොතිබූ ප්‍රසම්පාදනයන් පිරිනැමීම සඳහා 2020 දෙසැම්බර් මස 14 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඉතිරි ප්‍රසම්පාදනයන්ට අදාළව ඉදිරිපත්ව තිබූ අභියාචනයන් ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ප්‍රතික්ශේප කර ඇත. ඒ අනුව, අවුරුදු 20ක කාලයක් සඳහා අනුරාධපුරය, හබරණ, මාතර, ගාල්ල, දෙනියාය, කොස්ගම, මතුගම, පන්නල, මහව හා කුරුණෑගල ග්‍රිඩ් උපපොළවල් සඳහා තෝරාගත් ලංසුකරුවන් වෙත අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.