• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන් කර දීම
- කර්මාන්ත අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන යටතේ ආයෝජකයින් 22 දෙදෙනෙකු සඳහා වසර 35ක බදු කාල සීමාවකට යටත්ව කර්මාන්තපුර 08කින් ඉඩම් කොටස් වෙන් කර දීම ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ව්‍යාපෘති ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත. එම ආයෝජකයන් විසින් රුපියල් මිලියන 24,047.85 ක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 3 ක් අදාළ ව්‍යාපෘතීන්හි ආයෝජනය කිරීමට නියමිත අතර සෘජු රැකියා අවස්ථා 3,326 ක් එම ව්‍යාපෘතීන් මගින් ජනනය වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව, අදාළ කොන්දේසි වලට යටත්ව එම ආයෝජකයින් සඳහා ඉඩම් කොටස් වෙන් කර දීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.