• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ කලාපීය වෙළෙඳ ගිවිසුම් හා නිදහස් වෙළෙඳ ගිවිසුම්
- කලාපීය වෙළෙඳ ගිවිසුම් හා නිදහස් වෙළෙඳ ගිවිසුම් ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රධාන ලක්ෂණයක් වන අතර පසුගිය වසර කිහිපය තුළ ඒවා සංඛ්‍යාත්මක වශයෙන් මෙන්ම සංකීර්ණත්වයෙන් ද ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාව ද මෙවැනි වෙළෙඳ ගිවිසුම් කිහිපයකට එළඹ ඇති අතර ඇතැම් ගිවිසුම් යටතේ ඒවායින් අපේක්ෂිත ප්‍රතිඵල රටට අත් කර ගැනීමට හැකි වී නොමැති බව නිරීක්ෂණය වී තිබේ. එබැවින්, දැනට සාකච්ඡා මට්ටමේ පවතින එවැනි ගිවිසුම් "සෞභාග්‍යයේ දැක්ම" ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුගත වන අයුරින් නැවත සමා‍ලෝචනය කර ඒ අනුව අදාළ සාකච්ඡා නැවත ආරම්භ කිරීමටත්, නව කලාපීය වෙළෙඳ ගිවිසුම් හා නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමේ හැකියාව අධ්‍යයනය කිරීමටත් අවශ්‍ය පියවර ගැනීම පිණිස වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.