• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
"කොළඹ දිස්ත්‍රික්කයේ, බත්තරමුල්ල, පැලවත්ත පිහිටි 'අපේගම' ජන උරුම ප්‍රදර්ශන මධ්‍යස්ථානය ඵලදායීව පවත්වා ගෙන යාම"
- මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘතියක් ලෙස 'අපේගම' ජන උරුම ප්‍රදර්ශන මධ්‍යස්ථානය ආරම්භයේ සිට මේ දක්වා පරිපාලනය වී ඇති අතර මේ වන විට එහි පරිපාලන කටයුතු බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මග පෙන්වීම මත ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබයි. අක්කර 13 රූඩ් 03 පර්චස් 25.1ක ඉඩම් ප්‍රමාණයකින් සමන්විත මෙම මධ්‍යස්ථානය සඳහා නිශ්චිත කාර්ය මණ්ඩලයක්, පරිපාලන හා නඩත්තු කටයුතු සඳහා වෙන් වූ වැය ශීර්ෂයක් නොමැති බැවින්, එහි කටයුතු අකර්මන්‍ය වෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇත. එබැවින්, 'අපේගම' ජන උරුම ප්‍රදර්ශන මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා නිශ්චිත කාර්ය මණ්ඩලයක් පත් කර විධිමත් අයුරින් එම ආයතනය පවත්වාගෙන යාමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීම පිණිස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.