• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ දකුණු වරායේ නැ‍ඟෙනහිර බහළු පර්යන්තය (ECT) සහ බටහිර බහළු පර්යන්තය (WCT) සංවර්ධනය කිරීම හා මෙහෙයුම් කිරීම
- කොළඹ දකුණු වරායේ නැ‍ඟෙනහිර බහළු පර්යන්තය (ECT) සංවර්ධනය කිරීමට අදාළව ශ්‍රී ලංකාව, ඉන්දියාව හා ජපානය යන රටවල් අතර සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබා ඇත. එම ගිවිසුමේ විධිවිධාන අනුව ඉන්දීය ආයෝජකයෙකු විසින් ඉදිරිපත් කරන ලද ආයෝජන ‍යෝජනාවක් ඇගයීම පිණිස සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමට 2020 ඔක්තෝබර් මස 26 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. එකී සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ පදනම් කර ගෙන වරාය හා නාවික අමාත්‍යතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* නැ‍ඟෙනහිර බහළු පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වය සහිත බහළු පර්යන්තයක් ලෙස මෙහෙයුම් කිරීම.

* කොළඹ වරාය මෙම කලාපයේ තරගකාරී වරායක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් හා ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තබා ඇති ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුගත වෙමින්, ඉන්දීය රජය සහ ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයක් වශයෙන් සංවර්ධනය කර ක්‍රියාත්මක කර වසර 35කින් ආපසු භාර දීමේ පදනම මත කොළඹ දකුණු වරායේ බටහිර බහළු පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.