• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම
- විත්තිකරුවෙකුගේ පැහැර හැරීම හේතු කොට ගෙන ඔහුට විරුද්ධව අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දු ප්‍රකාශයක්, දින 14ක් තුළ එකී පැහැර හැරීමට සාධාරණ හේතු තමාට තිබුණ බවට පැමිණිලිකරුට දැන්වීමක් ද සහිතව අධිකරණය වෙත විත්තිකරු විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීමක් මත, අධිකරණය විසින් දෙන ලද තීන්දු ප්‍රකාශය වෙනස් කර ගැනීමට අදාළ වන විධිවිධාන සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඇතුළත්ව ඇත. එම විධිවිධාන ප්‍රයෝජනයට ගෙන යම් විත්තිකරුවෙකුට ප්‍රමාද කිරීමේ උපක්‍රම භාවිත කිරීමට සහ පැමිණිලිකරුගේ යුක්ති සහගත හිමිකම් පෑමට විරෝධතා දැක්වීමට හැකියාව පවතින බව නිරීක්ෂණය වී තිබේ. එබැවින්, එකී අහිතකර තත්ත්වය වැළැක්වීමට හැකි වන පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහයේ 88(2) වගන්තිය සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.