• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විනය පරීක්ෂණ හෝ වැඩ තහනමට ලක් වන පෞද්ගලික අංශයේ සේවකයන් පිළිබඳ ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට හැකි වන පරිදි 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත සංශෝධනය කිරීම
- පෞද්ගලික අංශයේ සේවකයින් විසින් සිදු කරනු ලබන යම් විනය විරෝධී හෝ විෂමාචාර ක්‍රියා හේතුවෙන් වැඩ තහනම් කරනු ලබන අවස්ථාවකදී එම චෝදනාවන් පිළිබඳ විධිමත් විනය පරීක්ෂණයක් සිදු කර අවසන් තීන්දුවක් ලබා දිය යුතු කාලසීමාවක් පිළිබඳව කම්කරු නීතිවල සඳහන්ව නොමැත. ඒ හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී වැඩ තහනමට ලක් වන සේවකයින්ට විවිධ ආර්ථික හා සමාජීය දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වන බව පෙනී ගොස් තිබේ. එබැවින්, සේවකයෙකුගේ වැඩ තහනම් කරනු ලැබූ අවස්ථාවකදී, එදින සිට මාස 06ක් ඇතුළත අවසන් විනය නියෝගයක් ලබා දීමට හා අදාළ චෝදනාව මූල්‍ය වංචාවක් නොවන්නේ නම් සේවකයාට අඩ වැටුප් ලබා ගැනීමට හැකි වන විධිවිධාන ඇතුළත් කරමින් 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත සංශෝධනය කිරීම පිණිස කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.