• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානය කිරීම
- බන්ධනාගාරයේ දැනට ක්‍රියාත්මක වන බුද්ධි ඒකකය එම කාර්ය සඳහා පමණක් සීමා නොවී, ආරක්ෂක රාජකාරි, විශේෂ ගණයේ සිරකරුවන්/සැකකරුවන් ආරක්ෂා කිරීම, කැරැලි මර්දනය කිරීම, ආරක්ෂක රාජකාරි සිදු කිරීම වැනි කාර්යයන් සඳහා ද යෙදවිය හැකි වන පරිදි ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, සාමාන්‍ය බන්ධනාගාර නිලධාරින් විසින් සිදු කරනු ලබන රාජකාරීවලට අමතරව හඳුනාගත් විශේෂිත රාජකාරි පැවරීමට හැකි වන පරිදි දැනට ක්‍රියාත්මක වන බන්ධනාගාර බුද්ධි ඒකකය "ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය" වශයෙන් ප්‍රතිසංවිධානය කිරීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.