• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැව් තෙල් ව්‍යාපාරය නැවත ආරම්භ කිරීම
- ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධිත "ලංකා මැරිටයිම් සර්විසස් ලිමිටඩ්" ආයතනය යටතේ නැව් තෙල් ඉන්ධන සැපයීමේ ඒකාධිකාරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වා ගෙන ගිය අතර, 2004 වර්ෂයේදී එම ව්‍යාපාරය පෞද්ගලික අංශය සඳහා විවෘත කරන ලදී. ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පවත්වාගෙන යන ලද බන්ධිත ගුදම් පහසුකම් පෞද්ගලික අංශයට විකුණා දමා ඇති අතර, ඒ හේතුවෙන් නැව් තෙල් ව්‍යාපාර කටයුතුවලින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉවත් වී තිබේ. ඒ අනුව, සැපයුම්කරුවන් කිහිපදෙනෙකු විසින් සුළු පරිමාණ වශයෙන් නැව් තෙල් ආනයනය කර එම තෙල් තොගයන් ජයබහාලුම් පර්යන්ත තෙල් ගබඩාවේ (බන්ධිත ගුදම්) ගබඩා කර ශ්‍රී ලංකා මුහුදු සීමාව හරහා යාත්‍රා කරන නැව් වෙත ප්‍රතිඅපනයනය කරනු ලබයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැවි තෙල් තොග වශයෙන් වාසිදායක මිල ගණන් යටතේ ආනයනය කර තරගකාරි මිල ගණන් යටතේ බලපත්‍රලාභී සැපයුම්කරුවන් වෙත සපයා දීමට හැකියාව පවතී. ඒ අනුව, තරගකාරී මිල ගණන් යටතේ නැව් තෙල් සැපයීමට හැකි වීම තුළින් මෙරට මුහුදු සීමාව හරහා යාත්‍රා කරනු ලබන නාවික යාත්‍රා සංඛ්‍යාව වැඩි කර ගැනීමට හැකි වනු ඇත. මෙම තත්ත්වය යටතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැව් තෙල් ආනයනය කිරීමේ ව්‍යාපාරයට නැවත පිවිසීම පිළිබඳව බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ වැඩ පිළිවෙල සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.