• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොහොර සහනාධාර ක්‍රමවේදය සං‍ශෝධනය කිරීම
- වී වගාව සඳහා පොහොර මෙට්‍රික් ටොන් 382,000ක පමණ ප්‍රමාණයක් ප්‍රතිලාභීන් මිලියන 1.45කට වාර්ෂිකව‍ නොමිලයේ ලබා දෙනු ලබයි. එසේම, වී නොවන අනෙකුත් භෝග සඳහා කිසිදු සීමාවකින් තොරව වෙ‍ෙළ‍ඳපොළ හරහා සහනාධාර පොහොර ලබා ගැනීමට ඉඩ සලසා ඇත. දැනට පවතින ක්‍රමවේදය යටතේ වී නොවන භෝග සඳහා වන පොහොර සහනාධාරය ඉලක්කගත කරන ලද ගොවීන්ගෙන් පරිබාහිරව වෙනත් පාර්ශ්වයන් ‍විසින් ප්‍රයෝජනයට ගැනීම හේතුවෙන් අවශ්‍ය අවස්ථාවලදී ගොවීන්ගේ පොහොර අවශ්‍යතාවන් සලසා ගැනීමට අපහසුතා පැන නැගෙන බව පෙනී ගොස් ඇත. ඒ හේතුවෙන් පොහොර සහනාධාර වැඩසටහන සඳහා ඇස්තමේන්තුගත මුදලට වඩා වැඩි මුදලක් වාර්ෂිකව දැරීමට රජයට සිදු වන බව ද පෙනී ගොස් ඇත. මෙම කරුණු සැලකිල්ලට ගෙන, ඉදිරියේදී පොහොර සහනාධාර වැඩසටහන පහත දැක්වෙන පරිදි ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* වී සඳහා පොහොර සහනාධාර ක්‍රමවේදය දැනට ක්‍රියාත්මක කරනු ලබන අයුරින්ම එක් කන්නයකට හෙක්ටයාර 02ක උපරිමයකට යටත්ව වර්ෂයකට කන්න ‍දෙකක් සඳහා ලබා දීම

* වී නොවන අනෙකුත් භෝග සඳහා එක් එක් භෝග අයත් වන පර්යේෂණ ආයතන මඟින් නිශ්චය කරනු ලබන ප්‍රමාණයන්ට අනුව වර්ෂයකට උපරිම වශයෙන් හෙක්ටයාර 05ක් දක්වා පොහොර සහනාධාර වැඩසටහන යටතේ පොහොර මිල දී ගැනීමට අවස්ථාව සලසා දීම