• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රජාපාදක පරිසර පද්ධති ප්‍රවේශය තුළින් වනාන්තර, කෘෂිකර්ම හා සංචාරක ක්ෂේත්‍ර ඒකාබද්ධව කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- පරිසර හිතකාමී නොවන භූමි පරිහරණ සැලසුම් නිසා පාරිසරික සමතුලිතාවය බිඳ වැටීමෙන් සමාජීය, පාරිසරික, ආර්ථික හා සෞඛ්‍යමය වශයෙන් ගැටලු රැසක් වර්තමානයේ පැන නැගී ඇත. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබ ඇති අතර, කෘෂිකාර්මික, සංචාරක හා වනාන්තර ආදී ක්ෂේත්‍ර තුළ ඒකාබද්ධව සිදු කරනු ලබන දීර්ඝකාලීන සැලසුම් සහිත වැඩසටහනක අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, "ප්‍රජාපාදක පරිසර පද්ධති ප්‍රවේශය තුළින් වනාන්තර, කෘෂිකර්ම හා සංචාරක ක්ෂේත්‍ර ඒකාබද්ධව කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය" අනුරාධපුර, මන්නාරම, වව්නියාව සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල මල්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ගෝලීය පාරිසරික පහසුකම යටතේ ඇ‍ෙමරිකානු ඩොලර් මිලියන 3.34ක මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. එකී ප්‍රදානය උපයෝගි කර ගනිමින් 2021-2024 කාල සීමාව තුළ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.