• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වාණිජ කෘෂිකර්මාන්තය සඳහා මහවැලි ප්‍රදේශවල පිහිටි ඉඩම් බදු පදනම මත ලබා දීම
- විදේශ විනිමය පිටරටවලට අනවශ්‍ය අන්දමින් ගලා යාම පාලනය කිරීමේ අරමුණින් රට තුළ වගා කළ හැකි හඳුනාගත් ආහාර බෝග ආනයනය සීමා කිරීමට රජය විසින් පියවර ගනු ලැබ ඇත. ඒ අනුව, බඩ ඉරිඟු ආනයනය කිරීම අත්හිටුවා ඇති අතර, ත්‍රිපෝෂ නිෂ්පාදනය සහ සත්ත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 250,000ක් පමණ දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා පියවර ගත යුතුව ඇත. ඒ අනුව, බඩ ඉරිඟු මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා දේශීය කෘෂි ආයෝජකයින් දිරි ගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය වන රඹකැන්ඔය කලාපයේ හඳුනාගත් රක්ෂිතයන්ට අයත් නොවන ඌන භාවිතයේ පවතින අක්කර 2,750ක් එම ආයෝජකයින් වෙත බදු පදනමින් ලබා දීමට සැලසුම් කර ඇත. ඒ අනුව, හඳුනාගත් දේශීය ආයෝජකයන් වෙත එක් (01) වර්ෂයක කාලයක් සඳහා බදු පදනම මත අදාළ ඉඩම් කොටස් වෙන් කර දීමටත්, වගාවේ සාර්ථකත්වය මත ඉදිරියේදී රජයේ ඉඩම් ආඥාපනතේ විධිවිධාන පරිදි දිගුකාලීන බදු පදනම මත එම ආයෝජකයින් වෙත අදාළ ඉඩම් කොටස් ලබා දීමටත් වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.