• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෝටර් වාහන (පරිසීමා) නියෝග ප්‍රකාශයට පත් කරමින් නිකුත් කරන අංක 2160/33 දරන 2020 01 30 දිනැති ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- කොළඹ - හංවැල්ල මාර්ගයේ (AB 010) තොටළඟ මංසන්දියේ සිට කොහිලවත්ත මංසන්දිය දක්වා මාර්ග කොටසේ සේදවත්ත දුම්රිය පාලම යටින් ගමන් කරන ඇතැම් කන්ටේනර් රථ රියදුරන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් දුම්රිය පාලමට අලාභ හානි වන බව වාර්තා වී ඇත. එමඟින් සිදු විය හැකි භායනක අනතුරු වළක්වා ගැනීමේ අරමුණින් බහාලුම් ප්‍රවාහනය කරනු ලබන සියලුම වාහන, බිම් මට්ටමේ සිට මීටර 3.2ට වැඩි උසක් සහිත වෙනත් වාහන සහ බිම් මට්ටමේ සිට මීටර 3.2ට වඩා වැඩි පැටවුම් උසකින් යුත් වාහන එම මාර්ග කොටසේ ගමන් කිරීම තහනම් කිරීමටත්, එලෙස පරිසීමා කරන ලද වාහන ධාවනය කිරීම සඳහා විකල්ප මාර්ග හඳුන්වා දීමටත් මෝටර් වාහන පනතේ විධිවිධාන පරිදි නිකුත් කරන ලද අංක 2160/33 දරන 2020 01 30 දිනැති ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.