• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොලිස් නිලධාරියෙකු විසින් නිකුත් කරනු ලබන තාවකාලික රියදුරු බලපත්‍රය (MTA 37) සංශෝධනය කිරීම
- මෝටර්රථ වාහන පනතේ 135(4) වගන්තිය යටතේ වන වරදක් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමේදී පොලිස් නිලධාරියෙකු විසින් අදාළ රියදුරු බලපත්‍රය භාරගෙන තාවකාලික බලපත්‍රයක් නිකුත් කරනු ලබයි. ඒ සඳහා වන ආකෘති පත්‍රය 1951 අගෝස්තු මස 25 දිනැති රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ඇත. එකී තාවකාලික රියදුරු බලපත්‍රයේ ඇතුළත් කරනු ලබන කරුණු වර්තමානයට ප්‍රමාණවත් නොවන බැවින්, වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි, එම ආකෘති පත්‍රය සංශෝධනය කරමින් අංක 2144/19 දරන ගැසට් නිවේදනය 2019 ඔක්තෝබර් මස 09 දින එවකට ප්‍රවාහන විෂය භාර ඇමතිතුමා විසින් නිකුත් කර ඇත. එකී ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.