• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බිම්ස්ටෙක් සාමාජික රටවල රාජ්‍යතාන්ත්‍රික අධ්‍යයන/පුහුණු ආයතන අතර අන්‍යොන්‍ය සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
- බෙංගාල බොක්ක කලාපය තුළ සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා වන සංසදයක් වශයෙන් 1997 දී බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය (BIMSTEC) ආරම්භ කර ඇත. මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 07ක් එම සංවිධානයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරනු ලබයි. මෙම සාමාජික රටවල් විසින් රාජ්‍යතාන්ත්‍රික අධ්‍යයන/පුහුණු ආයතන අතර, අන්‍යොන්‍ය සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. ඒ අනුව, මෙම වර්ෂයේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත 05 වෙනි බිම්ස්ටෙක් සමුළුවේදී යෝජිත අවබෝධතා ගිවිසුම සම්මත කර ගැනීම පිණිස විදේශ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.