• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය දිස්ත්‍රික්කයේ සුභසාධන මධ්‍යස්ථානවල සිටින ඉඩම් නොමැති අභ්‍යන්තරව අවතැන් වූ පවුල් ප්‍රතිස්ථාපනය කිරීම
- යාපනය දිස්ත්‍රික්කයේ සුභසාධන මධ්‍යස්ථානවල සිටින ඉඩම් නොමැති පවුල් 381ක් සඳහා, ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුවට යටත්ව, රුපියල් 700,000ක වියදමින් පර්චස් 20ක ඉඩම් කොටසක් බැගින් ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. මේ වන විට යාපනය දිස්ත්‍රික්කයේ අවතැන් වූවන්ගේ සුභසාධන මධ්‍යස්ථානවල සිටින පවුල් 409ක් අතුරින් පවුල් 233ක් ඉඩම් නොමැති පවුල් වශයෙන් හඳුනාගෙන ඇති අතර සිය උපන් ස්ථානයන්ට සමීප ස්ථානවලින් විකල්ප ඉඩම් ලබා ගැනීමට ඔවුන් විසින් ඉල්ලීම් කර ඇත. එහෙත්, එම ප්‍රදේශයේ දැනට පවතින ඉඩම් මිල ගණන් අනුව රුපියල් 700,000/- ක මිලට පර්චස් 20ක ඉඩම් කොටසක් ලබා ගැනීම අපහසු බව පෙනී ගොස් ඇත. එබැවින්, එම මුදල නොඉක්මවන සේ රජයේ තක්සේරුකරුගේ තක්සේරුවට යටත්ව, පර්චස් 10 - 20 අතර ඉඩම් කොටස් පෞද්ගලික අයිතිකරුවන්ගෙන් මිල දී ගෙන එම පවුල් වෙත ලබා දීමටත්, ඊට සමගාමීව නිවාස ඉදි කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කොට එකී අවතැන් වූ පවුල් කඩිනමින් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.