• Increase font size
  • Default font size
  • Decrease font size

2021-02-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ප්‍රත්‍යන්ත කළමනාකරණ කමිටුව සඳහා නව සාමාජිකයින් පත් කිරීම
- ශ්‍රී ලංකාවේ ප්‍රත්‍යන්ත කළමනාකරණයේ සියලු අංශ පිළිබඳව ඉහළ මට්ටමේ අවදානම, ප්‍රමුඛතා හා ඉලක්ක තක්සේරු කිරීම සඳහා වග කියන රජයේ කේන්ද්‍රීය ඒකකයක් වශයෙන් කටයුතු කිරීම සඳහා "ජාතික ප්‍රත්‍යන්ත කළමනාකරණ කමිටුව" ස්ථාපිත කරනු ලැබ ඇත. ආරක්ෂක ලේකම්ගේ සභාපතිත්වය යටතේ ප්‍රත්‍යන්ත කළමනාකරණයට සම්බන්ධ වන අනෙකුත් ආයතනවල ප්‍රධානීන් නිල බලයෙන් මෙම කමිටුවට සාමාජිකයින් ලෙස පත් කර තිබේ. ඊට අමතරව, ප්‍රත්‍යන්ත කළමනාකරණයේදී වැදගත් ආයතනයක් වන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ත්‍රිවිධ හමුදාවන් හා ආරක්ෂක අමාත්‍යාංශය අතර සම්බන්ධීකරණ කටයුතු පැවරී ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ධීවර විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් එම කමිටුවේ නව සාමාජිකයින් ලෙස පත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.