• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාව වෙත AstraZeneca's COVISHIELD එන්නත් 500,000ක ප්‍රමාණයක් ලබා දීම
- ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින දිගු කාලීන සබඳතාව සහ කොවිඩ් - 19 වසංගතයට මුහුණ දීමේදී පසුගිය වසරක කාලය තුළ දෙරට අතර පැවති සහයෝගීතාව සැලකිල්ලට ගනිමින්, ඉන්දියාවේ නිෂ්පාදිත AstraZeneca's COVISHIELD එන්නත් 500,000ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ඉන්දීය රජය තීරණය කර ඇති බවත්, එම එන්නත් තොගය මේ මස 28 වන දින මෙරටට ළඟා වීමට නියමිත බවත්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්තුමා විසින් දන්වා ඇති බව ගරු අග්‍රාමාත්‍යතුමා අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලද අතර, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය සහ කෘතඥතාව පළ කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.