• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෝඩියම් ක්ලෝරයිඩ් අන්ත:ශෛරික ද්‍රාවණ බීපී0.9% w/v හෝ සෝඩියම් ක්ලෝරයිඩ් එන්නත් යූඑස්පී 0.9% w/v මිලිලීටර් 500 බෝතල් 14,000,000ක් ප්‍රසම්පාදනය
- රෝගීන්ගේ රුධිර පරිමාව අඩු වන අවස්ථාවලදී ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබන මෙම ඖෂධය ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී ප්‍රසම්පාදනය චීනයෙහි M/s. Sichuan Kelun Pharmaceutical Co. Ltd., වෙත මුළු පිරිවැය හා ගැල් කුලී මිල ඇ‍ෙමරිකානු ඩොලර් මිලියන 2.79ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.