• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුරුවිට එරත්න ශ්‍රී පාද මාර්ග සංවර්ධනය
- ශ්‍රී පාද ස්ථානය වන්දනා කිරීම සඳහා බැතිමතුන් ගමන් ගන්නා ප්‍රධාන මාර්ග තුන අතුරින් එක් මාර්ගයක් වන කුරුවිට - එරත්න මාර්ගය ශ්‍රී පාද වාරයකදී වන්දනාකරුවන් ලක්ෂයකට වැඩි පිරිසක් විසින් භාවිත කරනු ලබයි. මෙම මාර්ගයේ පිහිටා ඇති ස්වභාවිකව සකසා ඇති පඩිපෙළ දිගු කලකින් ප්‍රතිසංස්කරණය කර නොමැති බැවින්, වන්දනාකරුවන්ට දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇත. එබැවින්, කුරුවිට - එරත්න මාර්ගයේ හඳුනාගත් ස්ථාන, දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරීමේදී ඉවත් කරනු ලබන සිල්පර කොටන් යොදා ගනිමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.