• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ යෝජිත වරාය ආශ්‍රිත සේවා සැපයුම් අංශය සංවර්ධනය කිරීම
- කොළඹ වරායේ තරගකාරිත්වය ඉහළ නැංවීම සඳහා කාර්යක්ෂමතාවයෙන් යුතුව ඉහළ යන ඉල්ලුමට සරිලන පරිදි කොළඹ වරායේ සේවා සැපයුම් කටයුතු සංවර්ධන කිරීමේ කඩිනම් අවශ්‍යතාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් හඳුනාගෙන ඇත. ඒ අනුව, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ නවීනතම පහසුකම් සහිතව වරාය ආශ්‍රිත සේවා සැපයුම් අංශයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය අපේක්ෂා කරනු ලබයි. එම වැඩපිළිවෙලෙහි ප්‍රථම අදියර වශයෙන් අර්ධ පූර්ණ බහාලුම්, පූර්ණ බහාලුම්, විවිධ රටවලට අයත් ප්‍රතිඅපනයන බහාලුම්, ශීත කළ බහාලුම්, අන්තරාල නැව් බඩු මෙහෙයුම් සහ වෙනත් වරාය ආශ්‍රිත සේවා සැපයුම් සඳහා විශාල ගුදම් සංකීර්ණයක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. ඉදිකර මෙහෙයුම් කර පවරා දීමේ ක්‍රමවේදය (BOT) යටතේ රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු/ආයෝජකයන් හඳුනා ගැනීමට හැකි වන පරිදි යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීමට අවශ්‍ය පියවර ගැනීම පිණිස වරාය හා නාවික අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.