• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිටත වටරවුම් මහාමාර්ගයට අතුරුගිරියේ දී සම්බන්ධ වන පරිදි රාජගිරිය හරහා කැළණිය නව පාලම දක්වා වන කණු මතින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ගය (Elevated Expressway) ඉදිකිරීම
- ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ දැනට ඉදිවෙමින් පවතින කණු මත ඉදිකරනු ලබන වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය ඔස්සේ නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මත ඉදිකරනු ලබන අධිවේගී මාර්ගයක් ඉදිකිරීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර ඇත. ඒ අනුව, ඉදිකර පවත්වාගෙන ගොස් පැවරීමේ (BOT) පදනම මත 100%ක විදේශ අරමුදල් සහිතව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා සඳහා ඉල්ලීම් (RFP) කැඳවීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මහා මාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.