• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන පනතක් පැනවීම
- 2003 අංක 26 දරන ඛනිජ තෙල් සම්පත් පනත මඟින් ශ්‍රී ලංකාවේ දේශීය ඛනි‍ජතෙල් හා වායු ගවේෂණ සහ නිෂ්පාදන කර්මාන්ත සංවර්ධනය කිරීමේ අරමුණ පුළුල් වශයෙන් හඳුනාගෙන ඇති නමුත් එම අංශයන් කළමනාකරණය කිරීම සඳහා යෝග්‍ය අයුරින් අර්ථ නිරූපණය කර නොමැති බව පෙනී ගොස් ඇත. ඒ අනුව, අදාළ පාර්ශ්වයන් සමඟ පැවැති සාකච්ඡාවල දී එම පනත අවලංගු කර අවශ්‍ය අර්ථ දැක්වීම්, නියාමනය, ප්‍රතිපත්තිය හා ජාතික මෙහෙයුම්කරු වෙන් කොට දැක්වීම සඳහා නව පනතක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනා‍ ගනු ලැබ ඇත. ඒ අනුව, 2003 අංක 26 දරන ඛනිජ තෙල් සම්පත් පනත අවලංගු කර නව පනතක් කෙටුම්පත් කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.