• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිකරණ ඉදිකිරීම් සැලසුම් කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීම
- යුක්තිය පසිඳලීම සඳහා රට තුළ ක්‍රියාත්මක වන අධිකරණයන්හි මේ වන විට විශාල නඩු සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇත. ඒ සඳහා පිළියමක් වශයෙන් අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව ඉහළ දැමීමට කටයුතු කෙරෙමින් පවතී. ඊට සාපේක්ෂව අධිකරණයන්හි අනෙකුත් පහසුකම් සපුරාලිය යුතු අතර, ඉදිරි වසර 3 තුළ දී නව අධිකරණ ශාලා 100ක් රට තුළ ඉදි කිරීමට සැලසුම් කර ඇත. ඒ යටතේ, බහු මහල් අධිකරණ ගොඩනැගිලි ඉදි කිරීම මෙන්ම දැනට පවතින ගොඩනැගිලි වැඩි දියුණු කිරීමට ද සැලසුම් කර ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අධිකරණ ගොඩනැගිලි ඉදි කිරීමේ පළපුරුද්දක් සහිත ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාං‍ශය වෙතින් අවශ්‍ය උපදේශක සේවාවන් ලබාගැනීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.