• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැවිලි අංශයේ සේවකයන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීම
- "2019-2021 වැවිලි සේවක වැටුප් සාමුහික ගිවිසුමෙහි" විධිවිධාන පරිදි ‍රුපියල් 50/-ක ස්ථාවර මිල දීමනාවක් ඇතුළුව රුපියල් 750/- දෛනික වැටුපකට සහ ඵලදායීතාව හා සම්බන්ධිත නියමිත කිලෝග්‍රෑම් ප්‍රමාණය ඉක්මවන්නේ නම් "Over Kilo Rate" නමින් වන තවත් දීමනාවක් සහිතව වැටුප් ලැබීමට වැවිලි අංශයේ සේවකයන් දැනට හිමිකම් ලබයි.

2020 නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා මඟින් වැවිලි අංශය සඳහා රුපියල් 1,000/-ක දෛනික වැටුපක් ලබා දීමට යෝජනා කරනු ලැබ ඇත. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා "2019-2021 වැවිලි සේවක වැටුප් සාමුහික ගිවිසුම" ට අත්සන් තබා ඇති පාර්ශ්වයන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති නමුත් එම සාමූහික ගිවිසුමේ එක් පාර්ශ්වයක් වන වැවිලිකරුවන්ගේ සංගමය නියෝජනය කරනු ලබන ලංකා සේව්‍ය සම්මේලනය දෛනික වැටුප රුපියල් 920/-ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇත. මෙම කරුණු සැලකිල්ලට ගෙන, අදාළ අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි පඩිපාලක සභා මඟින් වැවිලි අංශයේ සේවකයින්ගේ වැටුප රුපියල් 1,000/- දක්වා ඉහළ නැංවීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.