• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජනාධිපතිවරයාගේ අරමුදල පිළිබඳ විගණකාධිපති වාර්තාව - 2018
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) වගන්තියේ විධිවිධාන සමග කියවිය යුතු 1978 අංක 7 දරන ජනාධිපතිවරයාගේ අරමුදල් පනතේ 9(2) වගන්තිය අනුව 2018 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ ජනාධිපතිවරයාගේ අරමුදල විගණකාධිපතිවරයා විසින් විගණනය කරනු ලැබ ඇත. ඒ අනුව, එකී අරමුදල් පනතේ 10 වන වගන්තියේ විධිවිධාන පරිදි 2018 මූල්‍ය වර්ෂය සඳහා වන එකී විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.