• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුද්ගලයන් නැවත පැමිණීම හා නැවත බාර ගැනීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර අවබෝධතා ගිවිසුම
- ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ආගමන නීති උල්ලංඝනය කරමින් රැඳී සිටින පුද්ගලයින් දෙරට අතර හුවමාරු කර ගැනීම සඳහා වන විධිවිධාන ඇතුළත්ව අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා යෝජනා වී ඇත. එකී අවබෝධතා ගිවිසුම මඟින් තමා පදිංවිව සිටි රටට ආරක්ෂිතව ක්‍රමවත් අයුරින් නැවත යාම සහතික කරනු ලබයි. ඒ අනුව ඕස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර පුද්ගලයන් නැවත පැමිණීම හා නැවත භාර ගැනීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.