• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශප‍ාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
- 2015 ජනවාරි මස 08 වැනි දින සිට 2019 නොවැම්බර් මස 16 වන දිනෙන් අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයෙහි සාමාජිකයින්ට සිදු වී ඇතැයි කියනු ලබන දේශප‍ාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලදී. එකී කොමිෂන් සභාවේ වාර්තාව අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත්, එකී වාර්තාවේ දැක්වෙන තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහාත් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.