• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපිත කිරීම
- ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ "විදුලි බලය සැපයීමේ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය" ක්‍රියාත්මක කරනු ලබයි. ඒ යටතේ වර්තමාන විදුලිබල ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා සුලබව පවතින බලශක්ති සම්පත් උපයෝගී කර ගනිමින්, නාගදීපය, ඩෙල්ෆ්ට් සහ අනලතීව් දූපත් ආශ්‍රිතව දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධති ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ කොන්ත්‍රාත්තුව චීනයේ M/s Sinosoar - Etechwin Joint Venture වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.