• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන (ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය)
- දණ්ඩ නීති සංග්‍රහයේ 363 වන වගන්තියේ ස්ත්‍රී දූෂණය බරපතළ අපරාධයක් වශයෙන් අර්ථ නිරූපණය කර ඇති අතර, එම අපරාධය යටතට ගැනෙන නිශ්චිත වරදවල් කවරේද යන්න පිළිබඳව ද දණ්ඩ නීති සංග්‍රහයේ කරුණු ඇතුළත්ව ඇත. එහෙත්, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයට අදාළව නීතියේ පරස්පරතාවක් පවතින බව පෙනී ගොස් තිබේ. තවද, ශ්‍රී ලංකා වෛද්‍ය නීති සංගමය විසින් සිදු කරන ලද අධ්‍යයනයක් මඟින් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත. ඒ අනුව, වර්තමාන තත්ත්වයන්ට ගැළපෙන අයුරින් දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.