• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන - විවාහ නඩුකර
- විවාහ නඩුවලට අදාළ කාර්ය පටිපාටිය පිළිබඳව වන ඇතැම් විධිවිධාන සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඇතුළත්ව ඇත. එකී සමහර විධිවිධාන යල් පැන ගොස් ඇති බැවින් ප්‍රායෝගික නොවන බවත්, ඒ හේතුවෙන් නඩු කටයුතුවලදී ප්‍රමාදයන් සිදු වන බවත් පෙනී ගොස් ඇත. එම කරුණු සැලකිල්ලට ගනිමින්, වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.