• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංඥා භාෂා පනත් ‍ෙකටුම්පතක් පිළියෙල කිරීම
- සංඥා භාෂාව පිළිගත් භාෂාවක් වශයෙන් පිළිගැනීම සඳහා 2010 සැප්තැම්බර් මස 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවක් සිටින බැවින්, ඔවුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා, නීතිමය කටයුතු, සෞඛ්‍ය පහසුකම්, විවිධ රාජ්‍ය සේවාවන් සහ පෞද්ගලික සේවාවන් ලබා ගැනීමේදී සංඥා භාෂාව පිළිගත් සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් පිළිගැනීමට විධිවිධාන සැලසීම මඟින් ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව සවිබල ගැන්වීමක් සිදු වේ. එබැවින්, ශ්‍රී ලංකාව තුළ සංඥා භාෂාව පිළිගත් භාෂාවක් වශයෙන් ස්ථාපනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, සංඥා භාෂාව විධිමත් සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් පිළිගැනීමට හැකි වන පරිදි පාර්ලිමේන්තු පනතක් මඟින් අවශ්‍ය විධිවිධාන පැනවීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.