• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් පනත් සංශෝධනය කිරීම
- පහත සඳහන් පනත් සංශෝධනය කිරීමට අදාළව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනා, නිර්දේශ ලබා ගැනීම පිණිස ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත යොමු කරනු ලැබ ඇත. ඒ අනුව, එම අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගෙන, එකී පනත් සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදී.

* ආගාමික හා විගාමික පනත (දැනට ක්‍රියාත්මකව පවතින 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත සහ ඊට අදාළ සංශෝධන පරිච්ඡින්න කර අලුතින් පනතක් හඳුන්වා දීම)

* 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත සහ 2011 අංක 13 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) පනත

* 2016 අංක 3 දරන සේවකයින්ගේ අවම වේතනය පනත

* 1999 අංක 46 දරන ප්‍රජාපාදක විශෝධන පනත

* දණ්ඩ නීති සංග්‍රහයේ 53 වන වගන්තිය (බාල වයස්කරුවන්ට මරණ දණ්ඩනය ලබා දීමට අදාළ විධිවිධාන)