• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමුද්‍රීය පුහුණු වැඩසටහන් සැලසුම් කර භාරදීම සඳහා සීමාසහිත සිනෙක් කැම්පස් (පෞද්ගලික) ආයතනය, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය සහ ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශක සේවා සමාගම (SLPMCS) අතර සහයෝගිතාව
- වරාය හා නාවික ක්ෂේත්‍රයේ වර්ධනය හා වේගවත් ව්‍යාප්තිය සඳහා වරාය හා නාවික කර්මාන්ත සඳහා යොදා ගත හැකි ඉහළ නිපුණත්වයෙන් යුත් විනයගරුක ශ්‍රම බලකායක් පැවතිය යුතු වේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය දැනට එම කාර්යයේ නිරත වෙමින් සිටී. වරාය සේවා ආශ්‍රිත හා වෙනත් සේවා සපයා ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ලංකා නැව් සංස්ථාව, කොළඹ නැව් තටාකාංගණය, ලංකා නැව් නියෝජිතයින්ගේ ආයතනය සහ සීමාසහිත සිලෝන් ෂිපින් ලයින්ස් සමාගම යන ආයතනවල දායකත්වයෙන් සීමාසහිත ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශක සේවා සමාගම ස්ථාපිත කර ඇත.

එසේම, සීමාසහිත සිනෙක් කැම්පස් (පුද්ගලික) ආයතනය සමුද්‍රීය පුහුණු ආයතනයක් ලෙස මෙරට තුළ ක්‍රියාත්මක වන තවත් ආයතනයකි.

රට තුළ නාවික වෘත්තිය ප්‍රවර්ධනය කිරීම, පාඨමාලා සඳහා ඇතුළත් කර ගනු ලබන අභ්‍යාසලාභීන් සඳහා මූල්‍ය පහසුකම් සලසා දීම හා විදේශ රටවල් තුළ ශ්‍රී ලාංකික නාවිකයින් ප්‍රවර්ධනය කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය, ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශක සේවා සමාගම සහ සිනෙක් කැම්පස් (පෞද්ගලික) ආයතනය අතර දැනුම හා සම්පත් හුවමාරු කර ගැනීමට යෝජනා වී ඇත. ඒ අනුව, එම කාර්යය සඳහා සිනෙක් කැම්පස් (පෞද්ගලික) ආයතනය සමඟ සහයෝගිතාව ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත බලය පැවරීම පිණිස වරාය හා නාවික අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.