• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉත්තෑපාන-හොරවල-තොටුපොල මාර්ගයේ ඉත්තෑපාන ප්‍රදේශ‍ෙය් බෙන්තර ගඟ හරහා පාලමක් ඉදිකිරීම
- ඉත්තෑපාන-හොරවල-තොටුපොල මාර්ගයේ ඉත්තෑපාන ප්‍රදේශ‍ෙය් බෙන්තර ගඟ හරහා නව පාලමක් සහ එහි ප්‍රවේශ මාර්ග ඉදි කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇත. යෝජිත පාලමේ දිග මීටර් 160ක් පමණ වන අතර මාර්ග පථයේ මුළු පළල මීටර් 10.4කි. ඒ අනුව, එකී පාලම, "මාර්ග කිලෝමීටර 100,000ක් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය" යටතේ ඉදි කිරීම පිණිස මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.