• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයට යාබද රජයේ ඉඩමෙහි වෙළෙඳ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය
- 'සෞභාග්‍යයේ දැක්ම' රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් උසස් පෙළ හදාරා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන සිසුන් සංඛ්‍යාව වැඩි කිරීම සඳහා මධ්‍යකාලීන සැලසුම් සකස් කරමින් පවතින අතර එම පසුබිම තුළ ඉදිරියේදී විශ්වවිද්‍යාල වරම් ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ යන අතර ඔවුන් වෙනුවෙන් මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල මඟින් ලබා දෙන මූල්‍ය පහසුකම් සඳහා දරන වියදම ද ඉහළ යනු ඇත. මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල වර්ධනය කරගැනීමටත්, දීර්ඝකාලීන ස්ථාවර ආදායම් මාර්ගයක් ඔස්සේ ආදායම් ලබා ගැනීමටත්, ආයෝජනය තුළින් ඍජු සංවර්ධනයක් උදාකරලීමත් අරමුණු කරගනිමින් එකී ශිෂ්‍යත්ව අරමුදලේ මුදල් වෙනත් ආයෝජන මාර්ගවල ආයෝජනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයට යාබද රජයේ ඉඩම් අක්කර 300ක පමණ භූමි භාගයක වෙළෙඳ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහාත්, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීම පිණිස අදාළ අනෙකුත් අමාත්‍යාංශ සහ ආයතන නියෝජනය වන පරිදි කමිටුවක් පත් කිරීමටත් වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.