• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ජාත්‍යන්තර වෙළ‍ෙඳපොළ සමඟ ශ්‍රී ලාංකීය ගම්මාන සම්බන්ධ කිරීම' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
- රට තුළ ජනතාව කේන්ද්‍ර කරගත් ආර්ථික සංවර්ධනයක් සඳහා දේශීය කර්මාන්තකරුවන් සහ ජාත්‍යන්තර වෙ‍ෙළඳපොළ අතර සුදුසු ජාලයක් සංවර්ධනය කිරීම, 'ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ ශ්‍රී ලාංකීය ගම්මාන සම්බන්ධ කිරීම' යන ව්‍යාපෘතියේ අරමුණ වේ. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය. ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේත්තුව යටතේ 'ආර්ථික සවිබල ගැන්වීම සහ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන - 2020 ' ක්‍රියාත්මක කර ඇති අතර, 'සමෘද්ධි නිෂ්පාදන පිළිබඳ ආදර්ශ ගම්මානය' එහි ප්‍රධාන උප වැඩසටහන් වලින් එකකි. එකී උප වැඩසටහන මඟින් ද ග්‍රාමීය ප්‍රජාවගේ ගුණාත්මක නිෂ්පාදන ජාත්‍යන්තර වෙ‍ෙළඳපොළට යොමු කිරීමට අදහස් කරනු ලබන දේශීය කර්මාන්තකරුවන් හඳුනාගැනීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි යාන්ත්‍රණයක් ගොඩනඟා ගත හැකි ආයතනික ජාලයක් හරහා 'ජාත්‍යන්තර වෙ‍ෙළඳපොළ සමඟ ශ්‍රී ලාංකීය ගම්මාන සම්බන්ධ කිරීම' පිණිස වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සමඟ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.